ජනාධිපති අනුර දිසානායක ඇතුළු ආණ්ඩුව ඡන්දෙට කලින් දුන් පොරොන්දු ඉටු කරන්නේ කවදාදැයි ජනතාව බලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කර සිටියේ කටාන, ඇත්ගාල පැවති ජන හමුවකට සහභාගී වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,
“අපි ප්‍රබල විපක්ෂයක් හදන්න කටයුතු කරනවා. දිනලා ඉන්නේ අනුර කුමාර දිසානායක. පැරදුනු පක්ෂයකට මේ තරම් සෙනඟක් කටාන ඇත්ගාල ප්‍රදේශයට ඇවිත් තිබීම සූවිශේෂයි. මැතිවරණයක් දිනපු අයට තමා ඊලග මැතිවරණය වාසිදායක වෙන්නේ ඒ නිසා තමා ජනතාවට දුන්න පොරොන්දු ඉටු නොකර පාර්ලිමේන්තුව විසුරවන්න කටයුතු කළේ. සාමන්‍යයෙන් ජනාධිපති අපේකෂකයා දිනුවට පස්සේ දුන් පොරොන්දු ඉටු කරලා තමා ඊලග ජන්දයට යන්නේ. අනුර කුමාර මහතා හොඳටම දන්නවා දුන්න පොරොන්දු ඉටු කරන්න බැහැ කියලා. ඒක අපි ජන්දයට ඉස්සෙල්ලා දන්නවා. අනුර කුමාර දිසානායක මහතාත් ඒක දන්නවා. හැබැයි රටේ ජනතාව ඒක දැනන් හිටියේ නැහැ.
ජනතාව අනුර කුමාර කියපු අවුරුදු හැත්ත පහේ ශාපය, ඇමතිවරු හොරකම් කළා, වංචා දූෂණ සිදු කරා කියපු දේවල් විශ්වාස කළා. ඒ දේවල් විශ්වාස කරලා ජනතාව ජන්දය දුන්නා. ජනතාවට තව පොරොන්දු දුන්නා. උපයන විට ආදායම් බදු අය කිරීමේ සීමාව වැඩි කිරීම, වැට් එක අඩු කිරීම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, ඇප නැතිව ණය දීම වැනි විශාල පොරොන්දු ටිකක් දුන්නා. ජනතාව ඒ දේවල් විශ්වාස කරලා ජන්දය ලබා දුන්නා. හැබැයි අනුර කුමාර දිසානායක දන්නවා ඒ පොරොන්දු ඉටු කරන්න බැහැ කියලා.
අනුර කුමාර, විජිත හේරත්, හරිනි අමරසූරිය මේ ඕන එකිකෙනෙක් එක්ක විවාදයට එන්න සූදානම් දුන්න පොරොන්දු කවද්ද ඉටු කරන්නෙ කියන එක ගැන. පුලුවන්නම් කියන්න.
මේ අය රාජ්‍ය පාලනය අසමත්. ඇයි ඒ. අද්දැකීම් නැහැ, පලපුරුද්ද නැහැ, කලපුරුද්ද නැහැ, ජාත්‍යන්තර සබඳතා නැහැ. මුකුත් දන්නෙ නැහැ. මුකුත් දන්නෙ නැති අය පුටුවේ ගෙනල්ලා තිබ්බම ආයේ අහන්න දෙයක් නැහැ. මාසයට මුකුත් කරපු නැති අය මාස හයට කරන්නෙත් නැහැ. අවුරුදු පහට කරන්නෙත් නැහැ.