ජනපතිවරයා ආර්ථික අභියෝගය භාර ගනු ලැබුවේ දේශපාලන අභියෝගයක් ලෙස නොව රට වැටුණු තැනින් ඉහළට එසැවීමේ අභියෝගය බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද (10) එම අමාත්‍යංශය මගින් සංවිධානය කරන ජයගමු ශ්‍රී ලංකා හම්බන්තොට දිස්ත්‍රික් ආරම්භක උත්සවයේදී පැවසුවා.
“සමහරු ඉන්නේ වමේද, දකුණෙද, යන්නේ කොහේටද කියලා හිතාගන්න බැරුව. එහෙම වුණාම ඉතින් මාලිමාවක් ඕන වෙනවා. පාර බලාගන්න. අතරමං වුණාම මාලිමාවක් ඕන පාර කියාගන්න. වම-දකුණ පටලගන්නේ නැතුව මේ වෙලාවේ රට ගොඩනගන, රට ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ඒකේ අභියෝගය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වගේම රාජ්‍ය නිලධාරීන් භාරගත්තේ දේශපාලන අභියෝගයක් හැටියට නෙවෙයි. වැටිච්ච තැන ඉඳලා රට ගොඩ නගන අභියෝගයක් අපි භාර ගත්තේ.”
යනුවෙන් පැවසූ අමාත්‍යවරයා, ජනප්‍රිය කථිකයන් ලෙස අද විපක්ෂයට වී කතා කියමින් සිටීම පසෙක දමා රට ගොඩනගන අභියෝගය තමා භාර ගත්තේ දකුණේ දේශපාලන ආභාසය නිසා බවද පැවසුවා.
කයියනායකලා සහ පුතාණෝලා අද කතා කරන්නේ රට ගොඩනැගුණු පසුව බව කියූ ඇමැතිවරයා ඒ පිරිස් අවදානම ගැනීමට බිය වූ බවද කියා සිටියා.
රට ගොඩනැගීම වෙනුවෙන් සියලු ජනතාවට ආරාධනා කරන බව පැවසූ මනූෂ නානායක්කාර ඇමැතිවරයා මේ සිදු කරමින් සිටින්නේ අනාගතයේ රට ගොඩනගන වැඩපිළිවෙල බව වැඩිදුරටත් කියා සිටියා.
ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ හම්බන්තොට දිස්ත්‍රික් වැඩසටහන අගුණකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී අද (10) ආරම්භ කෙරුණා.
මෙහිදී විදේශ සේවා කාර්යාංශය මගින් ප්රතිලාභ රැසක් මහජනයා වෙත ලබා දීම සිදු කෙරනවා.
විදෙස් රැකියාවෙන් දිවි සරු කරගත් පවුල් 5කට ඇගැයීම් ලෙස රුපියල් 50000ක් බැගින් ද විගමනික ශ්‍රමිකයන් 25 දෙනෙකු සඳහා ස්වයං රැකියා සඳහා රු50000 බැගින්ද ප්රදානය කෙරුණා.
මෙයට අමතරව මෙම වැඩසටහන මගින් දරුවන්ට ශිෂ්‍යත්ව, පාසල් සඳහා ස්මාට් බෝඩ්, ඇස් කණ්ණාඩි ආදී වශයෙන් විවිධ ප්රතිලාභ ජනතාව වෙත ප්රදානය කරනු ලැබුවා.