ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක අද කොළඹදී පැවති විශේෂ සමුළුවකදී අද බරපතළ අනාවරණයක් සිදු කළා.
ඒ මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක වන ලංකා බැංකුවට සහ මහජන බැංකුවට මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් දස දෙනෙක් විසින් රුපියල් කෝටි 8000ක ණය පැහැර ඇර ඇති බවයි.
මේ අය ව්‍යාපාර කරමින් සහ දේශපාලන රැකවරණ ලබමින් සිටින අය බවයි ඔහු පවසන්නේ. එපමණක් නොව එම මුදල් ආයෝජන කර උපයන මුදල් ඔවුන් පිටරට තැන්පත් කරන බවයි ලේකම්වරයා කියා සිටියේ.
මෙම පිරිසගේ නම් හෙළිදරව් කරන ලෙස ඔහු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටියා.
ජනතාවගේ සොච්චම් ණය මුදල්වලට ගෙම්බර් දමන රාජ්‍ය බැංකු ප්‍රධානීන් මේ ගැන කියන්නේ කුමක්දැ යි විමසීම පුරවැසියන්ට බාර කටයුත්තක්.