කෝප් කමිටුවේ නිලධාරිනියකට එහි හිටපු සභාපතිවරයෙකු ලිංගික හිංසන කළ බව රත්නපුර දිස්ත්රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළා.
මේ සම්බන්ධයෙන් ඇය අදාළ අංශවලට පැමිණිලි කර ඇතත් ක්රියාමාර්ග නොගන්නේ ඇයිදැයි ඔහු විමසුවා.
උපුටා ගැනීම – හේෂා විතනාගේ පාර්ලිමේන්තු කතාව
“කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයකු එතන නිලධාරීතුමියකට ලිංගික වශයෙන් හිංසනයට ලක් කළා කියල චෝදනාවක් තියෙනවා. එම නිලධාරිනිය මේ ගැන කාන්තා සංසදයේ සභාපතිනිය දැනුවත් කරලා තියෙනවා. මේ තරම් පහත් තැනකට ගිහිල්ලා තියෙද්දී ඇයි තීන්දුවක් ගන්නෙ නැත්තෙ. 132 ස්ථාවර නියෝග අනුව කටයුතු කරන්න කියලා මම ඉල්ලනවා.”