පිටකොටුවේ තොග බඩු ගෙනා මිලටත් වඩා අඩුවට දෙයි

පිටකොටුව තොග වෙළෙඳපොලේ දෛනික වෙළෙඳාම මේ වන විට 50%-60% ක ප්‍රමාණයකින් පහළ බැස ඇති බව වාර්තා වෙනවා.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ ඇති තරම් තිබුණත් මිලට ගැනීමට පැමිණෙන අනෙකුත් පළාත්වල වෙළඳුන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී ඇති බවයි පැවසෙන්නේ. තොග වෙළෙඳපොල වීදි පාලු වී ඇති බව ඔවුන් පවසනවා.

කෙසේ වෙතත් තොග වෙළඳපොල පවත්වාගෙන යෑමට ආනයන භාණ්ඩ නිතර ගෙන්විය යුතු නිසා පවතින තොග ඉක්මනින් අවසන් කළ යුතු වෙනවා. එම හේතුවෙන් මේ දිනවල තොග බඩු ආනයන මිලටත් වඩා අඩුවෙන් අලෙවි කරන බවයි අත්‍යාවශ ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා තොග වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරන්නේ. ගබඩා හිස් කර ගැනීම, අලුත් ආනයන භාණ්ඩ සඳහා ඉඩ ලබා දීමට සිදුවීම ආදියද මීට බලපා ඇතැයි සඳහන්.

1 COMMENT

  1. නමුත් සිල්ලරට අපි ගන්නා විට විශාල මිලක් ගෙවිය යුතුය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles