ආර්ථික විද්‍යාඥයා හත්වෙනි තට්ටුවෙන් පැනලා මැරුණේ ඇයි?

47 වියැති අමල් සඳරත්න ලංකාවේ ප්‍රසිද්ධ ආර්ථික පර්යේෂකවරයෙක්. ෆ්‍රන්ටියර් රිසර්ච් කියන්නෙ ඔහුගෙ සමාගම. ඒ විතරක් නෙවෙයි, ලංකාවෙ ප්‍රධාන සමාගම්වල විධායක ශ්‍රේණියෙ වැඩ කරපු කෙනෙක්. ආර්ථිකව බොහොම ශක්තිමත් කොළඹ සුඛෝපභෝගී මහල් නිවාසයක දිවි ගෙව්ව කොටින්ම සැපවත් ජීවිතයක් කියල කෙනෙක් දකින්න පුළුවන් ජීවිතයක් ගත කරපු කෙනෙක්.

හදිසියෙම ඔහු තමන් ජීවත් වුණු මහල් නිවාසෙ හත් වැනි තට්ටුවෙන් පහළට පැනලා දිවි නසාගන්නවා. මේක ඔහු ඇසුරු කළ අයටත් රටටත් ලොකු කම්පනයක් වෙනවා. බොහෝ දෙනෙක් මේ ගැන කතා කරනවා.

ඔහුගෙ බිරිඳ හදිසි මරණ පරීක්ෂණයෙදි කියන විදිහට ඔහුට විෂාදය (Depression) නමැති මානසික තත්වය තිබිලා තියන්නෙ ගිය වසරේ දෙසැම්බර්වල ඉඳන්.

ඒ නිසාවෙන් ඔහු කිහිපවතාවක් නේවාසික ප්‍රතිකාරත් ලබාගෙන තියනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ට උඩ තට්ටුවකින් පැනලා මැරෙන්න ඕන කියලත් බිරිඳට කියලා තියනවා.

අවසන් වෛද්‍ය ප්‍රතිකාරවලට පස්සෙ, අමල් සහ බිරිඳ තීරණය කරලා තියනවා තට්ටු 5ක ගොඩනැගිල්ලක තට්ටුවෙන් තට්ටුවට නැගලා බලන්න මානසික තත්වය ඒ වෙද්දි යථා තත්වෙට පත්වෙලා ද කියලා. ඔහුගේ බිරිඳත් වෛද්‍යවරියක්. මෙහෙම මේ දෙන්න පහුගිය 23 වෙනිදා 5 වෙනි තට්ටුවට වෙනකම් නැගගෙන ගියත් අමල්ගෙ වෙනසක් දැකලා නෑ.

ඊට පස්සෙ මේ දෙන්නම කොළඹ 7 රොස්මිඩ් ප්ලේස්වල තියන එයාලගෙ මහල් නිවාසෙට ගිහින් තියනවා. ඒ අමල්ගෙ මව්පියන් ජීවත් වෙන තැන. එතනට ගිහින් සාලෙ කතා කරමින් ඉඳලා ඔහු බැල්කනියට ගිහින් තියනවා.

සාලෙ පැත්තට එන්න හැරුණ අමල් එකපාරම බැල්කනියට දුවගෙන ගිහින් බිමට පැනලා තියනවා.

ලොව ප්‍රකට වුණ ලංකාවෙ ආර්ථික විද්‍යාඥයගෙ ජීවිතය කෙළවර වෙන්නෙ මහල් හතකින් වැටිලා සිරුර කුඩු වෙලා. විෂාදය කියන්නෙ බොහොම භයානක මානසික රෝග තත්වයක්. විෂාදයට ප්‍රතිකාර ගැනීම කොයිතරම් වැදගත් සහ සීරුවෙන් කරන්න ඕන එකක්ද කියන එක මේ සිදුවීමෙනුත් හොඳින් පැහැදිලි වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles