මිල්කෝ සමාගමේ සභාපති ඉල්ලා අස් වු‌ණේ ඇයි?

මිල්කෝ සමාගමේ වත්මන් සභාපති රේණුක පෙරේරා අද (18) දින සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ බව ඔහු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත.

2022 වසරේ ජනවාරි 21 වන දින සිටයි රේණුක පෙරේරා මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ.

එසේම සභාපතිවරයා දන්වා ඇත්තේ, රජයේ ප්‍රතිපත්ති තීරණයකට අනුව මිල්කෝ ආයතනය පෞද්ගලීකරණය කිරීම සඳහා දේශීය හා ඉන්දියානු සමාගමක් ඒකාබද්ධව කටයුතු ආරම්භ කර ඇති පසුබිමක ආයතනය ඉදිරි ප්‍රගමනය සඳහා මෙහෙයවීමට තමා කාලය වැය කිරීම ඵලදායි නොවන බවයි.

ඒ හේතුවෙන් සේවා කාලය තවත් මාසයක කාලයක් ඉතිරිව තිබිය දීත් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි රේණුක පෙරේරා මහතා සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles