ලාල් රහස් පොලිසියට කැඳවූ හේතුව හෙළි වෙයි: “මාව ආදරෙන් පිළිගත්තා”

පසුගිය වසරේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලෙස යම් කරුණක් සම්බන්ධව කටඋත්තරයක් ලබා ගැනීම සඳහා කැඳවා තිබුණු බවත් පළාත් පාලන ඡන්ද කටයුතු නිසා වෙනත් දිනයක් නීතිඥවරුන් මාර්ගයෙන් ඉල්ලා සිටි බවත් එයට අදාළ දිනය ලෙස අද දින තමාව කැඳවා තිබූ බවත් ජවිපෙ මධ්‍යම කාරක සභික කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

වසරකට පසු මෙලෙස කැඳවා තිබුයේ 2021 වසරේ එක්තරා වෙබ් අඩවියක පළව තිබූ ලිපියක් සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබා ගැනීමට බවයි, ඔහු පවසන්නේ. තම වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලිපි ශීර්ෂයකින් යැ යි කියමින් එක්තරා ලිපියක් උපුටා ගෙන “ජවිපෙ හමුදාවට රිංගයි” යනුවෙන් පුවතක් පළ කර තිබු බවත්, එම ලිපියේ යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වෙනුවෙන් වෘත්තීය සමිති නිර්මාණය කර ඇති බව සඳහන් ව තිබුණු බැවින් ඒ්‍ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට ඔහුව කැඳවා තිබුණ බවයි ඔහු කියා සිටින්නේ. වෘත්තීය සමිති පණත අනුව ආරක්ෂක අංශ වෙනුවෙන් වෘත්තීය සමිති නිර්මාණය කිරීමට නොහැකි වෙනවා.

කෙසේ වෙතත්, ලාල්කාන්ත පවසා සිටියේ එය ව්‍යාජ ලිපියක් බව තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට පෙන්වා දුන් බවයි. 1997 වසරේ පටන් වෘත්තීය සමිති කටයුතු සිදු කරන තමන් පණත දන්නා බවත් මෙය කිසිවෙකුගේ හෝ වෙනත් අරමුණක් විය හැකි බවත් ඔහු කියා තිබෙනවා. කෙසේ වෙතත්, ඔහු රහස් පොලිස් නිලධාරීන්ගෙන් අදාළ වෙබ් අඩවියෙන් තොරතුරු විමසූයේදැයි ඇසූ විට ඔවුන් කියා ඇත්තේ මේ වන තෙක් ඔවුන්ගෙන් ඒ පිළිබඳව විමසා නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles