ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත නමුත් ලෝක කුසලාන නිල සංචිතය තවමත් නිල වශයෙන් හෙළිදරව් කර නෑ.
එළැඹෙන ලෝක කුසලානය සඳහා වන සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත් නොකළේ මන්දැයි ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක්ව තිබෙනවා.
කෙසේ වෙතත්,
ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි. මහේෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග අඟහරුවාදා රාත්‍රියේ කණ්ඩායම සමඟ නොයනු ඇති බවයි වාර්තා වන්නේ.
මහේෂ් තීක්ෂණ සතියකට පසු ඔහුගේ ආබාධයෙන් සම්පූර්ණයෙන් සුවය ලැබීමෙන් පසු කණ්ඩායමට එක්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
වනිඳු වෙනුවට චාමික කරුණාරත්න හෝ දුෂාන් හේමන්ත කණ්ඩායමට කැදවන්නේද යන්න පිළිබඳව තේරීම් කමිටු සාකච්ඡා පැවැත්වෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය පහත ක්‍රීඩකයින් 17 දෙනාගෙන් නම් කිරීමට ඉඩ ඇති බවයි ක්‍රිකට් විශ්ලේෂකයන් පවසන්නේ.
දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, වනිඳු හසරංග, මහේෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ළහිරු කුමාර, කසුන් රාජිත, මතීෂ පතිරණ, දිල්ෂාන් මධුශංක. චාමික කරුණාරත්න, දුෂාන් හේමන්ත