මාස 6ට මෙතරම් ඖෂධ භාවිතයෙන් ඉවත් කළේ ඇයි?

ගෙවුණු මාස 6ට සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය ඖෂධ සහ ශල්‍ය උපකරණ වර්ග 64ක් පමණ භාවිතයෙන් ඉවත් කර තිබෙනවා. මේ බව සඳහන් වන්නේ වෛද්‍ය සැපයුම් ඒකකයේ නිල වෙබ් අඩවියේ යි.

මේ සෑම ඉවත් කළ ඖෂධ සහ වෛද්‍ය උපකරණයක් වෙනුවෙන් වෙන වෙනම චක්‍රලේඛ නිකුත් කර තිබෙනවා. තත්වයෙන් බාල බවට වන චෝදනා හේතුවෙන් මේවා ඉවත් කර ඇතැයි සඳහන්

දැඩි සත්කාර ඒකකවල සහ හදිසි ප්‍රතිකාර ඒකකවල අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු ඖෂධ ද මෙසේ ඉවත් කළ ඒවා වෙනවා. මේ අතරින් බහුතරයක් මෙරට සහ ඉන්දියාවේ නිපදවූ ඒවා බවයි දැනගන්නට ඇත්තේ.

ජනතා මුදල් බිලියන ගණන් මුදල් ගෙවා ගෙන්වා විසි කර දමන බෙහෙත්වල වටිනාකම අය කරගන්නේ කාගෙන්ද යන්න සැබෑම ප්‍රශ්නයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles