නීත්‍යානුකූල නොවන ලෙස මෙරට ගෙන්වීමෙන් පසුව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය භාරයට ගත් ජංගම දුරකතන අමතර කොටස්, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, විසිතුරු බඩු සහ මෝටර් රථ අමතර කොටස් ඇතුළු රුපියල් කෝටි 9 කට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් විනාශ කළ බව ශ්‍රී ලංකා රේගු ආරංචි මාර්ග සඳහන් කළා. මේ විනාශ කරන ලද කෝටි ගණනක භාණ්ඩ අතර පාසල් උපකරණ තොගයක්ද තිබූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.
මෙම භාණ්ඩ තොගයට මෝටර් රථ අමතර කොටස් 62,900 ක් පමණ ද ඇතුළත් බවත් සඳහන්. රේගුව පවසන්නේ මෙවැනි භාණ්ඩ පරිහරණයෙන් පාරිභෝගිකයාට සැලකියයුතු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවයි. නීත්‍යානුකූල ලෙස නොගෙන්වූ භාණ්ඩ ද, නැතිනම් ව්‍යාජ භාණ්ඩද යන්න මෙහිදී පැහැදිලි නැතත් රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින සමයක මෙසේ භාණ්ඩ විනාශ කර දැමීම නම් කිසිසේත් සාධාරණ නැති බවයි පෙනී යන්නේ.
මොන නීතිරීති තිබුණත් මෙවැනි තීරණ මරි මෝඩ තීරණ, භාණ්ඩවල ගුණාත්මකභාවය ගැන ගැටලුවක් තියෙනවද බලා මේවා රජය මැදිහත් වීමෙන් විධිමත් යාන්ත්‍රණයක් හරහා වෙළඳපොලට මුදහැරියා නම් එයින් රජයට ආදායමක් උපයන්නත් පුළුවන්, පාසල් උපකරණ වැනි ද්‍රව්‍ය අහිංසක දුප්පත් දරුවන්ට පාසල් හරහා හෝ වෙනත් ඒ වෙනුවෙන් සැකසූ ආයතනයක් හරහා විනිවිදභාවයකින් යුතුව බෙදාහරින්න අවශ්‍ය වැඩපිළිවෙලක් සැකසුවා නම් වැදගත්, එහෙම නැතුව කිසිදු ගැටලුවක් නැතුව භාවිත කල හැකි මට්ටමේ පවතින මෙවැනිි භාණ්ඩ කුඩුපට්ටම් කර විනාශ කිරීම මගින් පෙන්නුම් කරන්නේ අපේ රටේ පවතින රාජ්‍ය ආයතන වල මරි මෝඩකම පමණයි, අමන තීරණ කියන්නේ මෙන්න මේවාට