ඝාතනයට ලක් වූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් භාවිතා කළ දුරකතන සිම්පත බිරිඳට ලබාදෙන්නැයි අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු එය සලකා බලන බවයි අධිකරණය සඳහන් කර ඇත්තේ.
තම සැමියා ඝාතනයට ලක්වීමට පෙර භාවිත කළ අංකය සහිත නව සිම්පතක් ලබා දෙන්නැයි ඇය මෙයට පෙරද අධිකරණයෙන් ඉල්ලා සිටි විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එය ප්‍රතික්ෂේප කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ ඝාතන විමර්ශනයට අගතියක් සිදුවෙතැයි කියමින්.
කෙසේ වෙතත් නැවතත් ඇය එම ඉල්ලීම කර ඇත්තේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් එම අංකය අත්‍යාවශ්‍ය නිසා බව