විග්නේෂ්වරන් මහ මැතිවරණය ගැන තීරණයක් ගනී

ඉදිරි මහ මැතිවරණය සඳහා තමා තරඟ නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් ප්‍රකාශ කරනවා.

තරුණයන්ට අවස්ථාව ලබාදෙමින් තමන් මෙලෙස මැතිවරණ සඳහා ඉදිරිපත්වීමෙන් වළකින බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර සිටින්නේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු ජනාධිපති ධුර අපේක්ෂක පී. අරියනේත්‍රන්ට සහය පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles