වෛද්‍යවරු 5000ක් රටින් පිටවී රෝහල් පද්ධතිය කඩා වැටෙයි ද?

වත්මන් ආණ්ඩුව ජනතාව මත එල්ල කර ඇති දැඩි ආර්ථික පීඩනය හමුවේ වෛද්‍යවරුන් 5000ක් පමණ රට හැර යෑමේ අනතුරක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එයින් රෝහල් 400ක් අඩපණ විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

වත්මන් තත්වය හමුවේ කිසිදු ලෙසකින් යහපත් වෘත්තීය පරිසරයක් වෙනුවෙන් වන කිසිදු පහසුකමක් රජයෙන් නොලැබෙන බව එම සංගමය කියා සිටිනවා. ගෙවුණු වසරේ මේ දක්වා වෛද්‍යවරුන් 2000කට ආසන්න පිරිසක් රට හැරගොස් ඇති බවත් තවත් 5000ක් පමණ නුදුරු කාලයේ රට හැර යා හැකි බවත් ඔවුන් කරුණු පෙන්වා දෙනවා.

මේ තත්වයට වහා විසඳුම් ලබා නොදෙන්නේ නම් 2024 ජනවාරි 01 සිට ම වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ අනතුරු අඟවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles