2024 ජනවාරි මස 01 දින සිට වැට් බද්ද නැංවීම හේතුවෙන් පාසල් ප්‍රවාහන ගාස්තු සහ පොදු ප්‍රවාහන ගාස්තු ඉහළ නැංවීමේ සූදානමක් ඇති බව වාර්තා වෙනවා.
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් සඳහන් කර ඇත්තේ වැට් බදු සංශෝධනය අනුව අවම බස් ගාස්තුව රුපියල් 35 දක්වා වැඩි කිරීමට සිදුවන බවයි.
ඒ අතර වැට් බද්ද නිසාවෙන් ඉන්ධන මිල වැඩි වන්නේ නම් ත්‍රිරෝද රථ ගාස්තුද ඉහළ දැමීමට සංගම් අදහස් කරන බව ආරංචි පළවෙනවා.