කොළඹ නගරයේ කොවිඩ් 19 ව්‍යාප්තියක් මේ වන විට නොමැති බව කොළඹ නගර සභා නිලධාරියෙක් තහවුරු කළ බව ඩේලි මිරර් වාර්තා කරනවා.
කොවිඩ් හෝ වෙනත් වෛරස් රෝග ව්‍යාප්තියක් මේ දක්වා වාර්තා වී නැතත්, අනාගතයේ දී පැතිරීම වැළැක්වීමට පියවරක් ලෙස මුහුණු ආවරණ පැළඳීම වැනි පූර්වාරක්ෂා පියවර ගත යුතු බවට කොළඹ නගර සභාවට අනුයුක්ත වෛද්‍ය විශේෂඥයෙක් පැවසූ බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.
කෙසේ වෙතත් මහනුවර සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් පසුගිය දා කොවිඩ් මරණ දෙකක් වාර්තා වුණා.