ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් තනතුර අහිමි කරනු ලැබ කුඩම්මාගේ සැලකිලිවලට භාජනය වෙමින් සිටින දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට නැවත එම පක්ෂය වෙත ඒමට දොරගුළු හැරෙන බවක් දේශපාලන ආරංචිමාර්ග සැල කරනවා.
එම පක්ෂයේ ප්‍රධානම තනතුරු හැර, ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරක් ඔහු වෙනුවෙන් යෝජනා කර ඇතැයි වාර්තා වෙනවා. මෙම යෝජනාව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨන් පිරිසක් ගෙන එනු ලැබ තිබෙනවා.
කෙසේ වෙතත් මේ දිනවල දයාසිරි මන්ත්‍රීවරයා පවුල් පිටින් විදේශගතව සිටින බවයි දැනගන්නට ඇත්තේ.
ශ්‍රීලනිපයෙන් තමන්ට ලැබෙන අඩු සැලකිල්ල නිසා දයාසිරි මන්ත්‍රීවරයා සජබට එක් වෙනු ඇතැයි ද ආරංචි පැතිර යනවා.