තෙවැනි වතාවටත් සේවා දිගුව අවසන් කළ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විශ්‍රාම ගෙන ඇතැයි වාර්තා වෙනවා. සිය ධූරයෙන් විශ්‍රාම ලබා ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දුරකතන ඇමතුම් ලබා දී ඇති බවට ආරංචිමාර්ග දන්වා සිටිනවා.
කෙසේ වෙතත් නැවත වතාවක් ඔහුට සේවා දිගුවක් ලබා දීමට ඉල්ලා තිබුණද ව්‍යවස්ථාදායක සභාව විසින් ඊට අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කළ බවයි මාධ්‍ය වාර්තා පළ වුණේ.
ජනපතිවරයා සහ මහජන ආරක්ෂක ඇමැතිවරයා අතර පොලිස්පති ධුරය සම්බන්ධයෙන් තිබුණු නොඑකඟතාව නිසාවෙන් නිත්‍ය පොලිස්පතිවරයෙක් පත්කිරීම කල් දැමුණා. කෙසේ වෙතත් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ තේරීම බව කියන ජෙ.නි. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත වැඩබැලීම සඳහා පොලිස්පති ධුරය ලබාදීමට සූදානමක් ඇති බව නිල නොලත් ආරංචිමාර්ග වාර්තා කරනවා.