ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල මිල සංශෝධනයක් හෙට (04) දින සිදු කරන බව ලිට්‍රො ලංකා ගෑස් සමාගමේ සභාපති මුදිත ජයසූරිය අද නිවේදනය කළා.
ලෝක වෙළඳපොලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 85 කින් වැඩි වී ඇති බව ඔහු පෙන්වා දෙනවා.
තෙල් මිල ඉහළ දැමීමක්ද පසු ගිය දා සිදු වුණා. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම අනුව හෙට සිදුවන සංශෝධනය මිල ඉහළ යෑමක් වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.