අධිවේගී ගමනාගමනය අඩාල වෙයි ද? – 22 දා පූර්ණ වැඩවැරුමක්!

වසර 12ක් පුරා නොලැබුණු අයිතිවාසිකම් ලබා ගැනීම වෙනුවෙන් සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය විසින් වැඩවර්ජනයක් කැඳවා තිබෙන බව වාර්තා වෙනවා.

මෙතරම් කලක් ගත වී තිබුණද නිසි බඳවාගැනීම් පටිපාටියක් සකස් නොකිරීම, ශ්‍රේණි උසස්වීම් නිසි ආකාරයෙන් සිදු නොවීම, භාවිතා නොකළ සෞඛ්‍ය නිවාඩු වෙනුවෙන් මෙතෙක් ගෙවූ මුදල අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් මේ වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බවයි සමස්ත ලංකා අධිවේගී මාර්ග සේවක සංගමය පවසන්නේ.

මේ සඳහා අධිවේගී මාර්ග නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති සහභාගි වන බව වාර්තා වෙනවා. සහකාර අයකැමි අධිකාරිවරුන්ගේ සංගමය, ප්‍රධාන අයකැමි නිලධාරීන්ගේ සංගමය, රථවාහන පාලක සංගමය ඇතුළු සංගම් කිහිපයක් ඊට ඇතුළත් වෙනවා.

මේ මස 22 වැනි දින සේවකයන් අසනීප නිවාඩු ගෙන සේවයෙන් ඉවත් වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles