තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් කිරීමට රජය කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.
එය ලබන සතියේ දී සිදු කරන බවයි ඔහු පවසන්නේ. රජය අවසන් වරට 2023 ජුනි මාසයේදී භාණ්ඩ 240 කට අධික ආනයන තහනම ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
මීට පෙර ශ්‍රී ලංකාව ද දැනට රට තුළ පනවා ඇති ආනයන සීමා ඉවත් කිරීම සඳහා ජුනි මාසය වන විට සැලැස්මක් ඉදිරිපත් කිරීමට යුරෝපා සංගමයට (EU) කැමැත්ත ප්‍රකාශ කර තිබුණා.