කෙසේ හෝ චීන ජනපති හමුවෙනවා : බයිඩන්

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන G-20 සමුළුව සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් සහභාගි නොවන බව ප්‍රකාශ කර කිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ බලාපොරොත්තුක් සුන් වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. කෙසේ හෝ චීන ජනාධිපතිවරයා හමුවීමට මඟක් සොයාගන්න බව ද ජෝ බයිඩන් මාධ්‍යයට පවසා තිබෙනවා.

“I AM A DISSAPOINTED… BUT I AM GOING TO GET TO SEE HIM”

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ලබන 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුව සඳහා සහභාගිවන අතර ඉන් අනතුරුව වියට්නාමයේ සංචාරය කිරීමට නියමිතයි.

චීන ජනාධිපති ෂී ජින්පින් ඉන්දියාවේ පැවැත්වෙන G-20 සමුළුවට පැමිණියහොත් චීන ජනාධිපතිවරයා සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර හමුවක් සිදුවනු ඇතැයි බොහෝදෙනා අපේක්ෂා කරනවා.

ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් දෙකේ නායකයන් අතර එවැනි හමුවක් අවසන් වරට සිදුවූයේ පසුගිය වසරේ ඉන්දුනීසියාවේ බාලි නුවර පැවති G-20 සමුළුවේදීයි. මෙවර ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවට ජනපති ෂී ජින්පින් වෙනුවට අග්‍රාමාත්‍ය ලී චියං, චීනය නියෝජනය කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. G-20 සමුළුවට සහභාගිවීමෙන් අමෙරිකානු – ඉන්දීය සහයෝගීතාව ශක්තිමත් කරලීමට බලාපොරොත්තු වන බවත් ජනපති බයිඩන් කියා සිටිනවා.

එ් අතර වියට්නාමය සමඟ සබඳතා ඉහළ තලයකට රැගෙන ඒමට අදහස් කරන බව ජනපති ජෝ බයිඩන් සඳහන් කරනවා. අග්නිදිග ආසියාවේ අමෙරිකාවට කළු පැල්ලමක් වූ වියට්නාමය අද නිදහස් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් අමෙරිකාව සමග හොඳ සබඳතාවක් පවත්වාගෙන යෑම විශේෂත්වයක්.

එහෙත් එය සිය බලගතු අසල්වැසියා වන චීනය උදහසට ලක්නොවන මට්ටමින් පවත්වාගැනීම වියට්නාමයේ අපේක්ෂාව බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles