වත්කම් බැරකම් නොකියූ මන්ත්‍රීන් හිරේ යයිද? නව දූෂණ විරෝධී පණත බලාත්මකයි!

වත්කම් බැරකම් ප්‍රකාශ සැප්තැම්බර් 1 වැනිදා දක්වා ඉදිරිපත් කිරීම පැහැර හරින මන්ත්‍රීවරයෙකු වසරක කාලයක් සඳහා සිරගත කිරීමට හෝ මාස දොළහක වැටුපට සමාන දඩ මුදලක් අය කිරීමට නව දූෂණ විරෝධී පණතෙන් විධි විධාන සලසා ඇති බව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා ආරංචිමාර්ග පවසනවා.

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පණත මේ වන විට බලාත්මක වෙනවා. ඒ අනුව ජුනි 30ට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ නොදී ඇත්නම් එදින සිට සති දෙකක කාලයක් තුළ කොමිසම ඔවුන් වෙත අවවාද ලිපි යැවිය යුතු බවත් ජුලි 31 දක්වා මාසික වැටුපෙන් තිහෙන් එකක් දඩ නියම කළ යුතු බවත් පණත සඳහන් වන බවයි පැවසෙන්නේ.

සැප්තැම්බර් 1 දා වන විට වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන මන්ත්‍රීන් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගකයදී ඔහු අවසන් වරට ලබා ගත් වැටුප මෙන් 12 ගුණයක දඩ මුදලක් හෝ අවුරුද්දකට නොවැඩි සිර දඬුවමක් හෝ එකක් හෝ දෙකම වන දඬුවම් පැමිණවීමක් කළ හැකි බව පණතේ පැහැදිලිව සඳහන් බව ආරංචිමාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත්, අදාල වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමේ කාලය ජුනි 30 දිනෙන් අවසන් වී ඇති අතර එම ප්‍රකාශ ලබා නොදුන් 100කට අධික පිරිසක් ඇති බව වාර්තා වෙනවා.

අල්ලස් කොමිසම පාර්ශ්වයෙන් මේ සම්බන්ධ ඉදිරි පියවර ගනිමින් සිටින බවයි පැවසෙන්නේ.

1 COMMENT

  1. ඔය නීති ක්‍රියාත්මක කිරීම බලධාරින්ගේගව ගකීමක්,එය පැහැර හරින්නේනම් තම පරම්පරාවන් ඊට වන්දි ගෙවීමට නියමිතයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles