නාමල්ට පාර්ලිමේන්තු අසුනත් අහිමි වෙයි ද?

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන උණුසුම වැඩි වී ඇති බව වාර්තා වෙනවා. අරගලයෙන් පසුව රාජපක්ෂවරුන්ගේ දේශපාලනයට ලබා ඇති නරක දසාව ඔවුන්ගේ නිජබිම වූ හම්බන්තොටින්ද ලකුණු පෙන්වමින් ඇති බැවින් නාමල් රාජපක්ෂ කලබලයට පත්ව ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය නාමල්ට ලබා දී මෙවර නොව ඊළඟ වතාවේ එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරයට පුහුණු කෙරෙන නාමල්ට මතුව ඇති අලුත් ම අභියෝගය ශ්‍රීලනිප නිමල් සිරිපාල පාර්ශ්වය විසින් එල්ල කර තිබෙන බවයි වාර්තා වන්නේ. එයට සහයෝගය නිමල් ලංසා කණ්ඩායම ලබා දෙන බවද පැවසෙනවා.

හම්බන්තොට රාජපක්ෂ දේශපාලනය කෙතරම් තහවුරු වී තිබුණ ද කරට කර තරඟ වැදී දේශපාලනයේ කරණම් ගසන චරිතයක් වන්නේ මෙම රජයේ ද ඇමැති ධුරයක් දරණ මහින්ද අමරවීරයි.

අමරවීර හම්බන්තොට රාජපක්ෂ බලපරාක්‍රමය කෙතරම් තිබුණද සිය ස්ථානය තහවුරු කරගෙන සිටින බව පෙනී යන්නේ කලක සිටයි.

කෙසේ වෙතත්, අලුතෙන්ම මතුව ඇති තත්වය නම් ශ්‍රීලනිප නිමල් සිරිපාල කණ්ඩායමේ බලකණුවක්ව සිට හම්බන්තොට දේශපාලනය කිරීමයි. මේ බව සනාථ කරමින් ඔහු ජුනි මස 8 වැනි දා පස්වරු 2ට අම්බලන්තොට නගර මධ්‍යයේ ජනරැළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු නව සන්ධානයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් ක්‍රියාකාරීන් රැසක් සහභාගි වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

රාජපක්ෂ ඔටුන්න හිමි කුමරු නාමල් රාජපක්ෂ ද මීට පිළිතුරු වශයෙන් ජුනි 09 වැනි දා අගුණකොලපැලැස්සේ රැළියක් පවත්වා පිළිතුරු දීමට දත කන බවයි පැවසෙන්නේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රභූ දේශපාලනය ගිලිහෙතැයි ද තම අසුන හෝ රැක ගැනීමට නොහැකි වුවහොත් එය තම දේශපාලනයේ මළගම වෙනු ඇතැයි නාමල් බියෙන් පසුවන බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

6 COMMENTS

  1. මෙහි නම් සදහන් කිසිවෙකුට ජනතාවගේ ජන්ද පාර්ලිමේන්තු පැමිණීමට නොලැබෙනු ඇත. NPP හා ලබාගන්නා ආසන අනුව සියල්ල තීරණය වනු ඇත .

  2. දවල් හීන දකින මාලු මාම කෙනෙක් කමෙන්ට් කරලා

  3. දිඨ්ඨ ධම්ම වේදණීය කර්මය පල දීගෙන එන්නේ
    මේවා ගැන හිත හිතාම මහින්ද ඇතුළු පවුලේ අය හා ඔවුන්ගේ සහචරයන් දැන් විඳෝනවා
    එදා අප්පච්චි කිව්ව කටවලින්ම අපාගත වේවා කියා කියනවා
    මව්බිමේ දරුවන්ගේ අනාගතය විනාශ කළ පාපයට අනිවාර්යයෙන්ම වගකියන්න වෙනවා
    පාලකයා නඩු අහන්න පටන් ගත්තා
    Lawyers නැහැ බ්‍රෝ ……..

  4. නාමලයලා විතරක් නෙමේ අමරවීරලා ඇතුළු පොහෝට්ටුවේ ආරම්භයේ සිටම හිටපු එවුන් සියල්ලම හම්බන්තොටින් මකබෑවෙලා යනවා අනිවාර්‍යයි..😁😁

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles