මාමාගේ ලාම්පු – කලගෙඩි සෙල්ලම බෑණාත් කරයි ද?

1982 දෙසැම්බර් 22 දින එක්සත් ජාතික පක්ෂයේ එවක නායක මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින්. 1978 දී හයෙන් පහක බලයක් දිනාගත් එවක එ.ජා.ප ය එතෙක් පැවති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර අතිශය බලවත් විධායක ජනාධිපති ධුරයක් හඳුන්වා දෙනු ලැබුවා. එයින් 1978 දී තෙමේම විධායක ජනාධිපති ධුරයට පත් වූ ජේ.ආර්. 1982 දී මෙරට පළමු ජනාධිපතිවරණය පවත්වා ජයගත්තා.

1983 දී කල් ඉකුත් වීමට තිබූ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීමට ජනපති ජේ.ආර්. විසින් ජනමත විචාරණයක් පවත්වනු ලැබුවා. කුප්‍රකට ලාම්පු-කලගෙඩි සෙල්ලම ලෙසින් නම් කරනු ලැබුවේ එම ජනමත විචාරණයයි. එය පැහැදිලිවම ජන පරමාධිපත්‍යය උල්ලංඝනය කෙරුණු ඒකාධිපති මොහොතක්.

වසර 40කට පසු ජේ.ආර්.ගේ බෑණනුවන් රනිල් වික්‍රමසිංහ මෙරට ජනාධිපතිවරයාව සිටිනවා. ජේ.ආර්. විධායක ජනාධිපති වූයේ ද ඔහුට වයස අවුරුදු 72ක් වූ පසුවයි. හැලහැප්පීම් බර ගණනකට පසු රනිල් වික්‍රමසිංහත් විධායක බලය ලබා ගන්නේ තමන්ට වයස අවුරුදු 73ක් වූ පසුවයි.

ජේ.ආර්.ට ලැබුණ ශක්තිමත් බලය වෙනුවට රනිල්ට ඇත්තේ සෙළවෙන දතක් වැනි බලයක්. ඔහු බලයේ ඉන්නේ තමන්ට විරුද්ධ පක්ෂයේ සහයෙන්.

ගණන් බලා ඇති පරිදි රටේ වර්තමාන දේශපාලන තත්වය ජනාධිපතිවරණයකදී රනිල්ට මහා වාසියක් ගෙන එනු නැති බවකුයි දැනගන්නට ඇත්තේ. ලබාගෙන තිබෙන බලය ඉදිරියට රැකගැනීමට නම් ජේ.ආර්. කළ දේ පසු ආවර්තීව සිදු කිරීම ගැන බෑණා කල්පනා කරනවා වෙන්නට පුළුවන්. එනම් ජනාධිපති ධුරය ජනමත විචාරණයක් මගින් පාර්ලිමේන්තුවට වගකියන අගමැති ධුරයක් කරා ගෙන යාමට උත්සාහ කිරීමයි.

කෙසේ වෙතත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට බොහෝ පක්ෂ කැමැති බැවින් මේ ක්‍රියාමාර්ගය දේශපාලනයේ මහත් තීරණාත්මක තත්වයක් මතු කරනු ඇතැයි සිතන්නට පුළුවන්.

  • සඳුන් ප්‍රියංකර විතානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles