කිලෝ මීටර් 310 ක විෂ්කම්භයක් ඇති, යෝධ ග්‍රහකයක්, අද පෘථිවිය අසලින් ගමන් කිරීමට නියමිත බව විදෙස් පුවත් ඒජන්සි වාර්තා කර තිබෙනවා.
‘2024 බීආර්4’ යන නමින් නම් කළ මෙම ග්‍රහකය, පළමු වරට සොයා ගැනීම සිදුවූයේ පසුගිය ජනවාරි 30 වැනිදා බවත් ග්‍රහකය පෘථිවිය අසලින් යනු ඇත්තේ, කිලෝ මීටර් මිලියන 4.6 ක් ඈතින් බවයි සඳහන් වන්නේ.
ග්‍රහකයේ ගමන් මඟ වෙනස් වුවහොත් එය පෘථිවියේ ගැටී මහා විනාශයක් වීමට ඉඩ තිබෙන බව විද්‍යාඥයන් බිය පළ කළත්, එවැන්නක් සිදු නොවන බවට ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයෝ සහතික වී ඇති බවද සඳහන් වෙනවා.