ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 5000ක පමණ පිරිසක් එකවර ඉල්ලා අස්වීමට එකඟතාවය පළ කර ඇති බව විදුලි සේවක වෘත්තීය සංගම් සඳහන් කරනවා.
සිය වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනය කිරීමට එරෙහිව විරෝධය පළ කිරීමටයි සේවකයන් මෙසේ එකඟ වී ඇත්තේ.
ලංවිම ප්‍රතව්‍යුහගතකරණය කිරීමට එරෙහිව විරෝධතාවලට එක් වූ සේවකයන් 66 දෙනෙකුගේ සේවය මේ වන විට අත්හිටුවා තිබෙනවා.
කෙසේ වෙතත්, මෙකී වැඩතහනම් සම්බන්ධයෙන් පළමුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි වෘත්තීය සංගම් පවසන්නේ.