ජාතික රෝහ‌ලේ විදුලිය විසන්ධි කරයි ද?

මාස පහක විදුලි බිල් නොගෙවීම නිසා කොළඹ ජාතික රෝහලට විදුලිබල මණ්ඩලයෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික රෝහලට අදාළව විදුලිබල මණ්ඩලයට නොගෙවා ඇති හිඟ මුදල් ප්‍රමාණය රුපියල් 121820306.11ක් බව දැක්වෙනවා.

එසේම දිවයින පුරා පිහිටි රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවලින්, විදුලි බල මණ්ඩලයට රුපියල් මිලියන 3000කට ආසන්න මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නොගෙවා ඇති බවයි සඳහන් වෙන්නේ.

මේ පිළිබඳව දැනුවත් කර විදුලි බල මණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කළ ලිපිය පහත දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles