කේරළයෙන් පළමුවරට හඳුනාගත් JN -1 නම් නව කොරෝනා වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් අවධානයෙන් සිටිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
මේ වන විට කේරළයේ පමණක් නොව, සිංගප්පූරුවේද කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීම පෙන්නුම් කරන්නේ, මෙකී ප්‍රභේදය නිසා බවයි පැවසෙන්නේ.
JN -1 යනු ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරස ප්‍රභේදයේ ‘බී.ඒ.2.86’ නමැති උප ප්‍රභේදය විකෘති වී නිර්මාණය වූ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන ආකාරයේ වෛරසයක් බවයි සොයාගෙන තිබෙන්නේ.
“ කලබල වීමට හේතුවක් නැති බවත්, වෛරසය වේගයෙන් ව්‍යාප්ත වුවත් මුව ආවරණ පැළැඳීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගෙන යෑම මගින් ආරක්ෂා විය හැකි “ බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
මේ වන විට නැවත එක්සත් ජනපදයේ ද කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ, JN -1 නිසා බවයි පැවසෙන්නේ.