ජනපතිගේ සර්වපාක්ෂික සමුළුවට පක්ෂ එයි ද?

ජනපතිවරයා විසින් කැඳවා ඇති සර්ව පාක්ෂික සමුළුවට ජාතික ජන බලවේගය සහභාගී නොවන බව එම පක්ෂය සඳහන් කරනවා.

මෙම සමුළුවට සමගි ජනබලවේගය සම්බන්ධ වන බව අද තීරණය කර තිබුණා. ඒ අනුව ඔවුන් හෙට සහභාගි වනු ඇත.

කෙසේ වුවද හෙට (26) ජනාධිති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව පැවැත්වීමට නියමිතයි.

ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දෙමළ සහ මුස්ලිම් පක්ෂ සියල්ල සහභාගී වන බව ආරංචිමාර්ග තහවුරු කළා.

මෙහි දී මූලික වශයෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන හා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ජාතික සංහිඳියා වැඩපිළිවෙල පිළිබඳව සකච්ඡා කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles