ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දැනට පොලිස්පතිවරයාට ලබා දී ඇත්තේ වාරණ නියෝගයක් පමණක් බැවින් පොලිස්පති තනතුර හිස් වී නැති බවට ජනාධිපතිවරයාට නීති උපදෙස් ලැබී ඇතැයි වාර්තා වෙනවා.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පොලිස්පති ධුරය හිස්ව නොමැති අවස්ථාවක ජනාධිපතිවරයාට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කිරීමට හැකියාවක් නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පවසා තිබෙනවා.
මේ හේතුවෙන් අදාල නීති ගැටලුව ලිහාගන්නා තුරු පොලිස්පති ධුරය හිස්ව තිබෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව සිදුවී ඇත්තේ පොලිස්පතිවරයාට රාජාකාරි කරගෙන යාමේ බාධාවක් පමණක් බවයි එම අමාත්‍යවරයා වඩිදුරටත් පවසා ඇත්තේ.