මේ වන විට වෙළඳපොලේ එළවළු මිල අන් කවරදාටත් වඩා ඉහළ ගොස් තිබෙනවා. සෑම වසරකම සාමාන්‍යයෙන් ජනවාරි මාසයේ එළවළු මිල සාමාන්‍ය වැඩි වීමක් සිදුවුවත් මේ තරම් මිල වැඩිවීමක් කිසිදා සිදු නොවුණු බවයි වාර්තා වන්නේ. කැරට් කිලෝව රුපියල් 3000කට ආසන්න වෙද්දි කුකුළු මස් කිලෝවක් රුපියල් 1100ක පමණ මිලකට අලෙවි වෙනවා.
කෙසේ වෙතත්, රට පුරා බොහෝ එළවළු සිල්ලර වෙළෙඳුන් වෙළඳාමෙන් ඉවත්ව සිටින බව සඳහන්. එසේම මහජන පොළවල් කරා පාරිභෝගිකයන් පැමිණීම ඉතා පහළ මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ.
ඒ අතර ආර්ථික මධ්‍යස්ථාන කරා පැමිණෙන එළවළු ප්‍රමාණයේද විශාල අඩුවක් ඇති බවයි පැවසෙන්නේ.
පසුගිය කාලයක් පුරා වට වර්ෂාවෙන් වගාවන්ට සිදු වුණු හානි නිසා එළවළු මිල ඉදිරියට තවත් වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග වාර්තා කරන්නේ. මෙම මිල වැඩිවීම් කෙරෙහි දත්ත මත පදනම්ව විද්‍යාත්මක ක්‍රමයකට රටේ වගා කටයුතු සිදු නොවීමද හේතුවක් බව අප හා අදහස් දැක්වූ දත්ත විශ්ලේෂකයෙක් කියා සිටියා.