තවත් පැල්මක් – දක්ෂිණ අධිවේගයේ නැවතත් නාය යාවිද ?

දක්ෂිණ අධිවේග මාර්ගයේ තවත් පැල්මක් නිරීක්ෂණය වී ඇති බව අධිවේගී මාර්ග අධ්‍යක්ෂ ආර්. ඒ. ඩී. කහටපිටිය මහතා පවසනවා.ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ , ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් සිදුකරන පරීක්ෂාවෙන් පසු ලබාදෙන නිර්දේශ මත ගමනාගමන කටයුතු සඳහා මාර්ගය විවෘත කරන බවයි.

පසුගියදා ඇදහැලුනු අධික වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්නයේ පෙරේදා (11) රාත්‍රියේ නාය යෑම සිදු වූ අතර මාතර සිට කොළඹ දෙසට රථවාහන ධාවනය වන මංතීරුවට ඉහළින් පිහිටි පස් කන්දක් එලෙස නාය ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles