චීනය විසින් මෙරටට ලබා දී ඇති ඇමරිකානු ඩොලර් බිලියන 4.2ක ණය මුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එකඟ වූ කොන්දේසි මෙරටට ණය ලබා දී ඇති අනෙකුත් ණය හිමියන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැන්වූ බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය හා කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබෙනවා.
එකී කොන්දේසි අධ්‍යයනය කර අනෙකුත් ණය හිමියන්ගේ ණයද ප්‍රතව්‍යුහගත කිරීමට ගිවිසුමක් යෝජනා කෙරෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව මහබැංකු අධිපතිවරයා සඳහන් කරනවා.
මේ කටයුතු අවසන් වූ පසුව මෙරටට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන දෙවැනි ණය වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 330ක මුදල වසර අවසාන වන විට ලබා ගැනීමට හැකිවනු ඇති බවටයි ඔහු විශ්වාසය පළ කර ඇත්තේ.