ඛණිජ තෙල් අපනයනය සඳහා පනවා තිබූ සියලු බාධක ඉවත් කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා.
රට අභ්‍යන්තරයේ ඉන්ධන මිල නොසිතූ ලෙස ඉහළ යෑමත්, තොග හිඟවීමත් හේතුවෙන්, රුසියාව සැප්තැම්බර් 21 වනදා සිට ඉන්ධන අපනයනය තහනම් කර තිබුණා.
නල හරහා ඉන්ධන වෙනත් රටවලට යැවීමට පනවා තිබූ තහනම ඔක්තෝබර් 6 වනදා ඉවත් කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.