ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් සමාරම්භක උළෙලේ දී ජාතික ගීය ගායනා කළ ආකාරය ගැන සමාජ මාධ්‍ය අවකාශ පුරා විවිධ අදහස් නැගුණා. එහිදී ජාතික ගිය ගායනා කරනු ලැබුවේ ජනප්‍රිය ගායිකාවක් වන උමාරා සිංහවංශයි. ඇය ජාතික ගීයේ එන මාතා යන පදය වෙනුවට එහිදී මහතා යනුවෙන් යොදමින් ගායනා කළා.
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. එහි සඳහන් ව ඇත්තේ ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්‍යවස්ථාවිරෝධී කටයුත්තක් බවයි. එය අනුමත කළ නොහැකි බැවින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා පවසා තිබෙනවා. ජාත්‍යන්තර අවධානය යොමු වන අවස්ථාවකදී මෙලෙස රටේ ජාතික ගීය විකෘති කර ගායනා කිරීම ගැන කණගාටු වන බවද ලේකම්වරයා වැඩිදුරටත් පවසනවා.