පසුගිය අරගල සමයේ සිදු වූ බවට සැක කෙරෙන දෙස් විදෙස් කුමන්ත්‍රණ ගැන සොයා බැලීම පිණිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (2) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියා.
එසේ ම එම සමයේ සිද්ධි සම්බන්ධයෙන් දින දෙකක පාර්ලිමේන්තු විවාදයක්ද ඔහු ඉල්ලා සිටිනවා.
තමා ලියූ 9 සැඟවුණු කතාව නම් කෘතියෙන්ද විදෙස් කණ්ඩායම්වල බලපෑම් ගැන සඳහන් කළ බව මන්ත්‍රීවරයා කියා සිටියා. බාහිර බලවේගවලට රටේ ඉරණම් කතාව ලිවීමට කැසකැවූ පාපී බලවේග ගැන කරුණු අනාවරණය කිරීම බලවත් අවශ්‍යතාවක් බවයි ඔහු අවධාරණය කරන්නේ.