බුදු දහමට සමාජ මාධ්‍ය හරහා අපහාස කරන ලදැයි චෝදනා කරමින් දෙවැනි වතාවට අත්අඩංගුවට ගත් රත්නපුරේ විමලබුද්ධි හෙවත් විශ්වබුද්ධ යනුවෙන් හඳුන්වාගන්නා අය ලබන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
කළගෙඩිහේන තිහාරියේ නිවසක සිටියදී අත්අඩංගුවට ගත් ඔහු ශිෂ්‍යභාවයෙන් සහ නිකායෙන් නෙරපීමට රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව පසුගිය දෙසැම්බර් 15 දා ඒකමතිකව තීරණය කර තිබිණැයි වාර්තා වෙනවා. එම නිකායේ මහනායක ධුරන්ධර මකුලෑවේ විමල හිමි විසින් ඒ බව බෞද්ධ කටයුතු කොමසාරිස් වෙතද දැනුම් දී තිබෙනවා. විමලබුද්ධි හිමි පැවිදි කළ උරුවල විනීත හිමියන් කළ ඉල්ලීමක්ද සැලකිල්ලට ගෙනයි මෙම තීරණය ගෙන ඇත්තේ.