බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක් වූ ප්‍රකාශ කර, අත්අඩංගුවට පත්ව ඇප මත නිදහස්ව සිටි රත්නපුරේ විමලබුද්ධි හෙවත් විශ්වබුද්ධ නමින් හඳුන්වාගන්නා තැනැත්තා යළි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පරිගණක අපරාධ කොට්ඨාසය මගින්.
අධිකරණ නියෝග නොතකමින් ක්‍රියා කිරීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහු සම්බන්ධයෙන් දෙවැනි වරටත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.