විමලවීර -රවීගෙන් සමාව ඉල්ලයි

හිටපු අමාත්‍ය රවී කරුණානායක කඩුවෙල දිසා අධිකරණයෙහි පනවා තිබූ වන්දි නඩුවක් සම්බන්ධයෙන් විමලවීර දිසානායක අධිකරණයේදී සමාව ගැනීම නිසා එම නඩුව සමථයකට පත් කර අවසන් කිරීමට කඩුවෙල දිසා විනිසුරු දුලානි එස්. වීරතුංග අද (31) දින කටයුතු කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක ඉකුත් 2021 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක සීනි තොග රැස් කරමින් අකටයුත්තක් සිදු කරන බවත් එය හිටපු අමාත්‍යවරයෙකු නොගැලපෙන බවත් පැවසීම නිසා තම කීර්ති නාමයට කැළලක් සිදුව ඇති බව පවසමින් ඒ වෙනුවෙන් බිලියන දෙකක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා රවී කරුණානායක විසින් කඩුවෙල දිසා අධිකරණයෙහි නඩු පැවරීමට කටයුතු කළා.

ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක , හිටපු අමාත්‍ය රවී කරුණානායකගෙන් සිදු වූ ක්‍රියාව සම්බන්ධයෙන් අධිකරණයේදී සමාව ගැනීමත් ඒ සදහා හිටපු අමාත්‍ය රවී කරුණානායක එකගතාවය පල කිරීමත් නිසාවෙන් නඩුව සමථයකට පත්කර අවසන් කිරීමට අධිකරණය තීරණය කළ බවයි වාර්තා වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles