ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක තවත් මාස 4කින් දේශපාලනයෙන් විශ්‍රාම යන බව පවසනවා.
“මම දීපු බත් එක කාලා, මම හදපු ටැප් එකෙන් වතුර බීලා, මම හදපු පාර දිගේ ඇවිල්ලා, කෝ හපයා? කියලා මගේ ගෙට ගිනි තිබ්බ සුන්දර සුකුමාල ඡන්දදායකයා ගැන මට ආඩම්බරයි,” යනුවෙන් ද මන්ත්‍රීවරයා පවසා තිබෙනවා.
මේවා සිහිපත් වෙද්දී පිළිකුලක් දැනෙන බවත් එවැනි රටක දේශපාලනය කිරීම කළ යුතු නැති බවත් පවසන ඔහු පවසන්නේ තමා දේශපාලනයෙන් විශ්‍රාම යන බවයි.