විමල් වීරවංශගේ පක්ෂය වන ජාතික නිදහස් පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන නිමල් පියතිස්ස ඉරිදා (14) නුවරඑළිය, මීපිළිමාන පැවැති බක් මහ සැණකෙළි වේදිකාවට ජනපතිවරයා සමගින් ගොඩ වී තිබෙනවා.
විවිධ සංස්කෘතිකාංග සහ විනෝද ක්‍රීඩා සහිතව පැවැති මෙම උත්සවයේ තරඟ ඉසව් කිහිපයක් නැරඹූ ජනපතිවරයා ජයගත් අයට ත්‍යාගද ප්රදානය කරනු ලැබුවා. සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද මේ උත්සවයට එක්ව සිටියා.
දැඩි සේ වත්මන් රජය සහ ජනපතිවරයා විවේචනය කරමින් කටයුතු කරන විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ පක්ෂයේ කඩුවෙල ප්‍රධාන සංවිධායකවරයා වන හිටපු නගරාධිපති බුද්ධික ජයවිලාල්ද දේශපාලන කටයුතුවලින් ඉවත්ව සිටිනවා. ඒ අතර එම පක්ෂයෙන් මන්ත්‍රී ධුරයක් දිනාගත් ප්‍රකට නළු උද්දික ප්‍රේමරත්න ද මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වුණා.