පොහොට්ටුවට පිටුපා චන්ද්‍රසේන, ප්‍රමිත, සේමසිංහ රනිල්ගේ සහයට

එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගත්ත ද තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය පළකරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද කියා සිටියා.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පෙන්වා දෙන්නේ රට බේරාගත් ජනාධිපතිවරයාට ඉදිරියේදීත් සහායෝගය ලබාදෙන බවයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළකරන බව ප්‍රකාශ කර ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles