නිවාස හදා දෙන බව කියා මිලියන ගාණක් ගරලා

ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන යන බව පවසමින් රුපියල් මිලියන ගණනක මුදලක් වංචා කළ කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළොන්නාව ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදි කර දෙන බව පවසමින් ඇය කාන්තාවකගෙන් මිලියන 6ක් පමණ අත්තිකාරම් ලබාගෙන තිබෙනවා. මේ ආකාරයට බොහෝ දෙනෙක්ගෙන් මුදල් ලබාගෙන ඇති බවයි පැවසෙන්නේ.

35 හැවිරිදි කාන්තාවක් වන ඇය අංගොඩ, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය ආදී ප්‍රදේශවල ඇය කටයුතු කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles