කඩ සහ කාර්යාල සේවක (රැකියා නියාමනය සහ වේතන නියාමනය) පනතේ අංක 1954 සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තියෙනවා.
ඒ අනුව කාන්තාවන්ට රාත්‍රියේ වැඩ කිරීමටයි අනුමැතිය හිමිව තිබෙන්නේ.
තොරතුරු තාක්‍ෂණය, දැනුම ක්‍රියාවලි බාහිරින් ලබා දෙන ආයතන, ව්‍යාපාර ක්‍රියාවලි බාහිරින් ලබා දෙන ආයතන සහ වෙනත් රටවල පිහිටි ව්‍යාපාරික ආයතන සඳහා ගිණුම්කරණය, පරිපාලනමය සහ තාක්‍ෂණික කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන කාර්යාලවල කටයුතු කරන කාන්තාවන්ට රාත්‍රී සේවා මුරවල යෙදීමට මෙම සංශෝධනය මඟින් ඉඩ සැලසෙනවා.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකයා විසින් සකස් කරන ලද සාප්පු සහ කාර්යාල සේවකයින්ගේ (රැකියා නියාමනය සහ වේතනය) පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ අවසරය ලැබී තිබෙනවා.
එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් නිවේදනයේ පළ කර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.
.