2023 අගෝස්තු මාසයේදී ලැබී ඇති විදේශ ප්‍රේෂණ 2023 ජූලි මාසයේදී වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 541 ට සාපේක්ෂව පහත වැටී තිබෙනවා. අගෝස්තු මාසයේදී එය ඇමරිකානු ඩොලර් මිලියන 499 ක් බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, පසුගිය වසරේ (2022) අගෝස්තු මාසයේ වාර්තා වූ ඇමරිකානු ඩොලර් මිලියන 325 ට සාපේක්ෂව නම් මේ වසරේ අගෝස්තු මාසයේ සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරනවා.
2023 වසරේ මුල් මාස තුන තුළ ශ්‍රී ලංකා විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ජනවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 437.5ක්, පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 407.4ක් සහ මාර්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 568.3ක් ලෙස වාර්තා වුණා.