එක්ස්ප්‍රස් පර්ල් විනාශය : විත්තියේ විරෝධතා ප්‍රතික්ෂේපයි-නඩුව ඉදිරියට

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයෙන් සිදු වූ පරිසර දූෂණය සම්බන්ධයෙන් අපරාධ චෝදනා එල්ල වී සිටින විත්තිකරුවන් අට දෙනා ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සමුද්‍ර දූෂණය වැලැක්වීමේ පනත යටතේ පවරා ඇති අපරාධ නඩුව ඉදිරියට ගෙන යාමට නීතිපතිවරයාට බලයක් නොමැති බවට තර්ක කළ විත්තිකරුවන්ගේ මූලික විරෝධතා නිෂ්ප්‍රභ කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත නඩු විභාගය ඉදිරියට ගෙන යා යුතු බවට තීන්දුව ලබා දුන්නා.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන විරෝධය, ධීවර ප්‍රජාවට සිදු වූ පාඩුව සහ අනතුරට ලක් වූ යාත්‍රාවේ රුසියානු කපිතාන් Tyutkalo දීර්ඝ කාලයක් රැඳී සිටීම යන කරුණු සැලකිල්ලට ගෙන නඩු විභාගය හැකිතාක් කඩිනම් කරන ලෙසයි.

කපිතාන් Tyutkalo හැර මෙම නඩුවේ අනෙක් විත්තිකරුවන් වන්නේ: නෞකාවේ දේශීය නියෝජිත, සී කොන්සෝටියම් ලංකා (පුද්ගලික) සමාගම, අර්ජුන ඉන්ද්‍රජිත් හෙට්ටිආරච්චි, දේවින්ද හෙට්ටිආරච්චි, මලින්ද හෙට්ටිආරච්චි, අමින්ද හෙට්ටිආරච්චි, පණ්ඩුක වීරසේකර සහ සංජීවක වීරසේකර යන අයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles