යසසිරි කස්තුරිආරච්චි නැවතත් කරලියේ: බදු නොගෙව්වාට ලොකු දඩයක්

යසසිරි කස්තුරිආරච්චි මෙරට ව්‍යාපාරික-දේශපාලන ක්ෂේත්‍රයේ කලකට පෙර බොහෝ පුවත් මැවූ චරිතයක්. ඊයේ (18) ඔහු සම්බන්ධ අලුත් පුවතක් වාර්තා වුණා. ඒ ගිංතොට ප්ලයිවුඩ් සමාගමේ අධ්‍යක්ෂ ලෙස බදු නොගෙවා පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

2006-2008 වසර සඳහා ගිංතොට ප්ලයිවුඩ් සමාගම ගෙවිය යුතු බදු මුදල වන 846078 මුදලක් සහ 2015 වසර සඳහා ගෙවිය යුතු ජාතිය ගොඩ නැගීමේ බද්ද වන 6656610.00 ක මුදලක් ගෙවීම පැහැරහැරීම හේතුවෙන් රුපියල් 7502688.82ක මුදලක් ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම දඩය නොගෙවන්නේ නම් ව්‍යාපාරික යසසිරි කස්තුරිආරච්චි වෙත මාස හයක ලිහිල් සිරදඬුවමක් පණවන බවද තීන්දුවේ සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles