කුරුණෑගල – මාදුරාගොඩ ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක 05 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සිව් දෙනෙකු මත් පෙති වර්ගයක් පානය කිරීමෙන් රෝහල් ගත කර තිබෙන බව වාර්තා වෙනවා.
මේ පිළිබඳ පොලිස් විමර්ශන වලින් හෙළි ඇත්තේ රෝහල්ගත කර සිටින සිසුවෙක් තම පියා විසින් සඟවා තිබූ කිසියම් පෙති වර්ගයක් පාසලට ගෙන ගොස් සෙසු සිසුන් තිදෙනා සමඟ පානය කිරීම නිසා ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ඔවුන් කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර බවයි.
මත්පෙති පාසලට රැගෙන ගිය දරුවාගේ පියා හෙරොයින් මත්ද්‍රව්‍යයට තදින් ඇබ්බැහි වූවෙකු වන අතර, ඔහුට මත්ද්‍රව්‍ය නඩු කිහිපයක් ද පවතින බවත් මේ සම්බන්ධව මාදුරාගොඩ පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කර බවයි වාර්තා වන්නේ.