රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පාසල් දරුවන් සඳහා 30% වට්ටමක් සහිතව ලබා දෙන පාසල් අභ්‍යාස පොත් අද (03) සිට ලබා ගැනීමට හැකියාව පවතිනවා.
ඒ අනුව බෙරැල්ල පිහිටි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා ප්‍රධාන කර්යාලයෙන් සහ එම සංස්ථාවේ අළෙවිකුටි හරහා මෙම වට්ටම සහිත ලබා පොත් ලබා ගත හැකි බවයි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති නිමල් ධර්මරත්න සඳහන් කරන්නේ.
එසේම සියලුම විදුහල්වල විදුහල්පතිවරුන්ට සහ විදුහල්පතිවරුන්ගේ ලිපියක් රැගෙන එන නියෝජිතයින්ට මෙම පොත් නිකුත් කරන බවත් ඒ නිකුත් කිරීමේදී එම 30%ක වට්ටමක් ලබා දීමට කටයුතු කරන බවත් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසනවා.